සියලු ධීවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචියට කඩිනම් පියවර

Share

ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමඟ වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.

රාජ්‍ය අමාත්‍යතුමා සඳහන් කළේ දැනට රට පුරා විසිරි පවතින ග්‍රාමීය ධිවර සමිති සියල්ලට එක් ධිවර බැංකු ශාඛාවක් බැගින් පිහිටුවීමේ කාර්ය ඉතා කඩිනමින් ආරම්භ කරන බවය.

ලංකා ඉතිහාසයේ ධිවර කර්මාන්තයේ අදුරුම කාලය අවසන් කර දේශීය ධිවර කර්මාන්තයේ ස්වර්ණමය යුගය කරා පියමන් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යතුමා සදහන් කළේය .

ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සහ ජාතික ධිවර මහා සම්මේලනයේ අධ්‍යක්‍ෂකවරුන් දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල පැලවත්තේ ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේදී ඊයේ(05) දින පැවති එක් දින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා මේ බව පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා, ශක්‌තිමත් ධීවර කර්මාන්තයක් ගොඩනැගීම මුලික අරමුණයි. ධීවරයා ශක්තිමත් කිරීම මගින් ධිවර කර්මාන්තයත් ශක්තිමත් කල හැකියි. මේ සඳහා ධිවර අමාත්‍යංශය සහ අනුබද්ධ සියළු ආයතන එක් වැඩපිළිවෙලක් යටතේ මෙහෙයවීමට කටයුතු කරනවා. ධිවර අමාත්‍යංශය යටතේ පාලනය වන ධිවර සංස්ථාව, ධිවර වරාය නීතිගත සංස්ථාව, ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් සංවර්ධන සහ පර්යේෂණ නියෝජිතායතනය වගේම සිනොර් පදනම යන ආයතන එකිනෙක බැදී ධිවර ජනතාව වෙනුවෙන් වගේම ධිවර කර්මාන්තය වෙනුවෙන් කැපවන ආයතන බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස්කර අවසන් බවයි.

Read more

Local News