මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් කොටුවෙයි

Share

උඩහමුල්ල නුගේගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

ඊයේ (05) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 33 හා වයස අවුරුදු 34 අතර පසුවන අය වන අතර එක් සැකකරුවෙකු සතුව තිබී කොකේන් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 500ක් සහ අනෙක් සැකකරු සතුව තිබී කොකේන් ග්‍රෑම් 05යි මිලි ග්‍රෑම් 500ක් සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා රත්මලානේ රොහා නැමැති ජාවාරම්කරුගේ සමීපතමයන් බවට අනාවරණය වී ඇත.

Read more

Local News