දිනේෂ්ගේ ප්‍රශ්නයට කිරිඇල්ල පිළිතුරු දෙයි

Share

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්ව ඇති යෝජනාව ලිහිල් කිරිමට අදාළ රටවල් එකඟ වී ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

එසේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදි ශ්‍රී ලංකාව විරුද්ධව යෝජනා ඉදිරිපත් වූ බවත් වත්මන් රජයට ඒවා කළමනාකරණය කර ගැනීමට හැකිවූ බවත් ඔහු පැවසීය.

Read more

Local News