දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු 14 වනදා සිට ඇරඹෙයි

Share

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වන දින ආරම්භ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය තීරණය කරනු ලැබීය. එහි පළමු මහාධිකරණයේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු ලබන 14 වන දින සිට ආරම්භ කිරිමට නියමිත අතර එහිදී පසුගිය කාලයේ සිදු වූ බරපතල මූල්‍ය දුෂණ වංචා විභාග කිරීමට නියමිතව ඇත.

Read more

Local News