අපනයනයට පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොටට

Share

අපනයනය සඳහා පෙට්‍රෝලියම් පිරිපහදුවක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

වසරකට මෙට්‍රික් ටොන් මිලියන 10 ක ධාරිතාවයකින් යුතු මෙම පිරිපහදුව සිංගප්පූරුවේ සිල්ව පාර්ක් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම හා ඕමාන් සුල්තාන් රාජ්‍යයේ තෙල් හා ගෑස් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පිහිටුවා ගත් ව්‍යපාරයන් පවත්වා ගෙන යෑම සඳහාත් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

එහි වැදගත්කම අනුව යෝජිත කර්මාන්තය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් අක්කර 400 ක බිම් ප්‍රමාණයක් අයෝජකයා වෙත බදු පදනම මත ලබා දීම පිණිස සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read more

Local News