අන්තර්ජාලය සම්බන්ධ බදු පැනවීම අසාධාරණයක්

Share

අන්තර්ජාලයෙන් සිදු කරන භාණ්ඩ ගෙන්වීමි සඳහා බදු පැනවීම ජනතාවට සිදු කරන අසාධාරණයක් බව ශ්‍රී ලංකා පරිවර්ථන සමූහය පවසා සිටියි.

එහි සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා පෙන්වා දෙන්නේ මෙම බදු පැනවීම තුළින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා භාණ්ඩ ආනයනයේදී අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇති බවය.

මෙවර අයවැය මඟින් අන්තර්ජාලය භාවිතා කරමින් ලබා ගන්නා විදේශ භාණ්ඩ සහ සේවාවන් සඳහා ක්‍රෙඩිට් කාඩ් පත් සහ ඩෙබිට් කාඩ්පත් වලින් ගෙවීම් සිදු කිරිමේදී ජාතිය ගොඩනැගීමේ බද්ධක් ලෙස සියයට තුනයි දශම පහක බද්ධක් අය කිරිමට යෝජනා වී ඇත.

මෙම යෝජනාව තුළින් ජනතාවට බරපතල අසාධාරණයක් සිදු වන බව ශ්‍රී ලංකා පරිවර්ථන සමූහයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මහතා සඳහන් කළේය.

Read more

Local News