මන්නාරම මිනිවලේ අස්ථි වල කාබන් පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කෙරේ

Share

මන්නාරම සමූහ මිනිවල තුළින් හමුවූ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව අද(07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මඟින් ප්‍රසිද්ධ කළ බවට වාර්තා වෙයි.

‍මන්නාරම සමූහ මිනිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සම්න්ද රාජපක්ෂ මහතා ඊයේ(06) පැවසූවේ සමූහ මිනිවල සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කළ සාම්පලය වාර්තාව නිළ වශයෙන් අධිකරණයට ලැබී ඇති බවයි.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු හයකට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව නිළ වශයෙන් ලැබී ඇති බවද එ මහතා ප්‍රකාශ කළේය.

අදාළ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට ලැබුණද අදාළ දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මත දත්ත ලැබී ඇති අතර, අදාළ දත්තවල නිළ පැහැදිලි කිරීමක් අධිකරණය අදාළ ආයතනයෙන් ඉල්ලීම් කොට ඇති බවද රාජපක්ෂ මහතා සදහන් කළේය.

වාර්තාවේ පවතින කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අදාළ දත්ත ලැබීමෙන් අනතුරුව සිදුකරන ලෙසට අධිකරණය මඟින් උපදෙස් ලැබී ඇති බවද හෙතෙම පැවසීය.

දත්ත වාර්තා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වන්නේ අදාළ සාම්පල 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පවසයි.

සමූහ මිනිවළ තුළින් 155 වන දිනට අද(07) පරීක්ෂණ පවත්වන අතර, මිනිවළ තුළින්  මිනිස් සිරුරු 325 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 318 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 29දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව වාර්තා වෙයි.

Read more

Local News