සිරිකොත ගමට වැඩසටහන මේ ඉරිදා සිට

Share

සිරිකොත ගමට වැඩසටහන මේ ඉරිදා (10) කළුතර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු සුදානම් කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රමුඛ සියලුම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් සහ ප්‍රදේශයේ සියලුම එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

ඒ යටතේ ශාඛා සමිති පිහිටුවීම, සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන්, පක්ෂිකයන්ගේ ගැටළු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

කළුතර, බුලත්සිංහල, බණ්ඩාරගම, මතුගම, අගලවත්ත, හොරණ සහ බේරුවල යන කළුතර දිස්ත්‍රික්කයේ සියලු ආසන ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ගෙයින් ගෙට ගොස් ජනතාව සමඟ සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ සංවිධානය කර තිබේ.

මෙම වැඩපිළිවෙළ ඉදිරියේ දී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read more

Local News