කොල්ලුපිටියේ වෙළඳසැලක පිපිරීමක්

Share

අද (08) අළුයම 12.30 ට පමණ කොල්ලුපිටිය පොලිස් වසමේ කොල්ලුපිටිය හන්දිය අසළ වෙළඳසැලක පිපිරීමක් සිදුව තිබේ.

මෙම පිපිරීමෙන් වෙළදසැල් 11කට පමණ අලාභහානි සිදුවී ඇති අතර ඉන් වෙළඳසැල් 03කට දැඩි අලාභහානි සිදුවී ඇත.

මෙම පිපිරීමෙන් චීන ජාතික යුවලක් හා වෙළඳසැල් හිමියන් දෙදෙනෙකු සුළු තුවාල ලබා ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එක් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කොල්ලුපිටිය පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂක්‍රීය අංශයේ නිලධාරීන් හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

Read more

Local News