බිඩී කොළ කිලෝ 323 ක් නාවික හමුදාව සොයා ගනී

Share

අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබල මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ(07) මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එම ප්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවති.

මෙම බීඩී කොළ පාර්සල් 10 ක බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ.

එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට නියමිතව ඇත.

Read more

Local News