ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ රවී අතර හමුවක්

Share

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ආර්ථික අභියෝග හමුවේ, විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ගතහැකි සහ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් ඒ සඳහා ලබාදිය හැකි සහයෝගය පිළිබදවත් සාකච්ඡා කිරීම සඳහා ලෝක බැංකු නියෝජිත පිරිසක්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවී නිල සාකච්ඡා පැවැත්විණි.

මෙම නිල හමුවේදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවති අතර විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් යෝජනා සහ තීන්දු තීරණ රාශියකට එළඹීමට හැකිවී තිබේ.

ශ්‍රී ලංකාව විදුලිය ලබාදීම අතින් ප්‍රශස්ථ මට්ටමක පැවතියත්, විදුලි උත්පාදනයේදී ඒ වෙනුවෙන් අධික වියදම් සහිත ප්‍රභවයන් මත යොමු වෙමින්, ලෝකයේ අනෙක් රටවල් මත යැපෙන මට්ටමකට පත්වී ඇති බව ලෝක බැංකු නියෝජිතයන් විසින් පවසන ලදී.

විදුලි උත්පාදනය සඳහා මිල අවම ජල ප්‍රභවයන් මත රැදී සිටි ශ්‍රී ලංකාව, ජල පෝෂොකයන්ගේ සීමිත බව සහ දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් මිල අධික උත්පාදන ක්‍රමයන් වෙත යොමුවීමට සිදුවූ බවත්, මේ වනවිට බලශක්ති උත්පාදනයේ දිශානතිය පුනර්ජනනීය ක්ෂේත්‍රයන් වෙත යොමුකරවීමට ක්‍රියාකර ඇති අතර ඉදිරි අනාගතයේදී විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම මිල අවම, පරිසර හිතකාමී පුනර්ජනනීය ප්‍රභවයන් මත පමණක්ම සිදුකිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්, විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා ලෝක බැංකු නියෝජිත පිරිස වෙත කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේය.

Read more

Local News