බෝර 12 ගිනි අවියක් සමඟ 2ක් කොටු

Share

බෝගහකුඹුර පොලිස් වසමේ අළුගොල්ල පල්ලිය අසලදී මෙරට නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් එක් සැකකරුවෙකු වැටලීම සිදු කරන අවස්ථාවේදී පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලේවෙල හා පුහුල්පොළ ප්‍රශවදේල පදිංචි අවුරුදු 29 හා 37 යන වයස් වල පසුවන අය වේ.

සැකකරුවන් අද(09) දින වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බෝගහකුඹුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Read more

Local News