නීති විරෝධීව පොකිරිස්සන් ඇල්ලූ 3ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(08) ත්‍රිකුණාමලය, මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සතුව තිබි කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 3 ක්, මුහුණු ආවරණ 3 ක් සහ පොකිරිස්සන් 31 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයට ගත් පොකිරිස්සන් අතරින් 25 දෙනෙකු ජිවි පොකිරිස්සන් වූ අතර, එම පොකිරිස්සන් නැවත මහ සයුර වෙත මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

එමෙන්ම, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 30, 39 සහ 40 වන වියෙහි පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කිමිදුම් උපකරණ සහ පොකිරිස්සන් 06 දෙනෙකු ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News