යුධ හමුදාවේ කර්නල්වරුන් 16කට උසස් විම්

Share

යුධ හමුදාවේ කර්නල්වරුන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිළය දක්වා උසස් කර ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ උසස් වීම් ලබා දී ඇති බව යුධ හමුදාව සඳහන් කරයි.

කර්නල්වරුන් ලෙස කටයුතු කළ ඒ.එස්.පී.පොඩිරාළහාමී, අයි.පී කඳනාරච්චි, එම්.අයි.පී නානායක්කාරවසම්, ටී.එම් අබේරත්න සහ එල්.ඩී එස්.එස් ලියනගේ යන මහත්වරුන් බ්‍රිගේඩියර් නිළය දක්වා උසස් කර ඇත.

එමෙන්ම එම්.කේ ජයවර්ධන, එම්.ජී.ටී.ඩී රත්නසේකර, කේ.එච්.කේ කොට්ටවත්ත, ඩබ්ලිව්.ආර්.එම්.එම්.රත්නායක, යු.යු.කේ.එල්.එස් පෙරේරා යන අය බ්‍රිගේඩියර් නිළය දක්වා උසස් කර ඇති බවත් යුධ හමුදාව ප්‍රකාශ ඇත.

මීට අමතරව කර්නල්වරුන් ලෙස කටයුතු කළ ජේ.එම්.සී ජයවීර, එස් ආර්,කේ හෙට්ටිආරච්චි, එච්.එම් එල්.ඩී හේරත්, පී.එස්.කේ සංජීව, පී.එස් තිලකරත්න සහ ඩබ්ලිව්.ජී ආර්.පී පිරිස් යන මහත්වරුන් බ්‍රිගේඩියර් නිළය දක්වා උසස් කර ඇති බවත් සඳහන් වෙයි.

Read more

Local News