අඟහරු ග්‍රහයා මත ජීවත් වූ බව කියන දරුවෙකු හමුවෙයි

Share

පාසල් වියෙහි පසුවන රුසියානු ජාතික ළමයෙකු තමන් පෙර ආත්මයේ අඟහරු ග්‍රහයා මත ජීවත් වූ බව පවසයි.

Boriska Kipriyanovich නමින් හැඳින්වෙන මොහුගේ විශ්වය පිළිබඳ හසල දැනුම ලොව පුරා සිටින විද්‍යාඥයන්ගේ විමතියට හේතුවී ඇත.

මොහුගේ මව සදහන් කරන ආකාරයට මෙම දරුවා ඉපදී සති දෙකකින් කිසි උදව්වකින් තොරව තම හිස එසවීමට හැකියාව දැක්වූ අතර මාස කිහිපයකින්ම ඉතා හොඳින් කතා කිරීමට සහ අවුරුදු එක හමාර වන විට මනා ලෙස පොත පත කියවීමට හ චිත්‍ර ඇඳීමට හැකියාවක් දක්වා ඇත. ඔහුගේ මවුපියන් පවසන ආකාරයට ඔහුට අභ්‍යවකාශය පිලිබද කිසිම ඉගැන්වීමක් ඔවුන් විසින් කුඩා කලදී සිදු කර නොමැති අතර ඔහු විසින්ම අඟහරු ග්‍රහයා , සවුරග්‍රහ මන්ඩලය සහ පිටසක්වල ජනාවාස පිළිබඳ තොරතුරු සඳහන් කිරීමට පටන්ගෙන ඇත.

Boriska දරුවා පවසන අන්දමට අඟහරු ග්‍රහයා මත තවමත් පිටසක්වල ජනාවාස ඇති බවත් මෙහි තිබූ බොහෝ ජනාවාස විනාශ වීමට හේතු වූයේ න්‍යෂ්ඨික පිපිරීමක් බවයි. තවදුරටත් මෙ ගැන අදහස් දක්වන ඔහු කියා සිටින්නේ පෘථිවිය මත ඇති ඊජිප්තුවේ මහා පිරමීඩය නොහොත් ගීසා පිරමීඩය තුළ මේ සම්බන්ධ රහස් බොහෝමයක් තවමත් සැඟවී ඇති බවයි.

මොහු පවසන්නේ තවමත් සැඟවී ඇති මිනිසාගේ ජීවිතය බොහෝ සෙයින් වෙනස් වෙන සුවිශේෂී කරුණක් සොයාගැනීමට පිරමීඩයේ Sphnix නමැති කොටස නිරාවරණය කර ගැනීමෙන් හැකි බවයි. මෙම කොටස විවර කර ගැනීමට හැකි ක්‍රමවේදයක් එහි කන පිටුපසින් ඇති බවත් එය ඔහුට හරි හැටි මතක නොමැති බවත් ඔහු සඳහන් කොට ඇත.

Boriska පවසන අන්දමට අඟහරු ග්‍රහයා මත ජනාවාස බොහෝ සෙයින් විනාශ වීමට හේතුවී තිබෙන්නේ එහි ජීවත්වූ කොට්ඨාශයන් අතර සිදුවූ න්‍යෂ්ටික යුද්ධය නිසාවෙන් බවයි. මෙම යුද්ධයෙන් දිවි බේරාගත් සුළු පිරිසක් තවමත් අඟහරු ග්‍රහයා අභ්‍යන්තරයේ ජීවත්වන බව ඔහු පවසන අතර අඩි හත හමාරක් පමණ උසකින් යුතු මෙම ජන කොට්ඨාශය ජීව වායුව වෙනුවෙන් භාවිතා කරනු ලබන්නේ ඔක්සිජන් වායුව නොව කාබන් ඩයොක්සයිඩ් වායුව යැයි ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටි.

Read more

Local News