යුද හමුදා නිලධාරීන් 16ක් බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

Share

කර්නල් තනතුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.

සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා (08දා) සිට ‍බලපැවැත්වෙන පරිදි මෙම උසස් වීම් ලබදී ඇත.

ඒ අනුව කර්නල්වරුන් ලෙස සේවය කළ ඒ.එස්.පී. පොඩිරාළහාමි, අයි.පී. කන්දනආරච්චි, එම්.අයි.පී. නානායක්කාර, ‍ටී.එම්. අබේරත්න, එල්.ඩී.එස්.එස්. ලියනගේ, එම්.කේ. ජයවර්ධන, එම්.ජී.ටී.ඩී. රත්නසේකර, කේ.එච්.‍කේ. ‍කොට්ටවත්ත, ඩබ්.ආර්.එම්.එම්. රත්නායක, යූ.යූ.කේ.එල්.එස්. පෙරේරා, ජේ.එම්.සී. ජයවීර, එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි, එච්.එම්.එල්.ඩී. හේරත්, පී.එස්.කේ. සංජීව, පී.එස්. තිලකරත්න, ඩබ්.ජී.ආර්.පී. පීරිස් යන මහත්වරුන් මෙලෙස බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.

Read more

Local News