අයවැයෙන් ජනතා පොරොන්දු ඉටු කරලා නෑ

Share

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවෙන් ජනතා පොරොන්දු ඉටු කර නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ  මහතා මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවති ජන හමුවකට එක් වෙමින්.

මොටර් රථ මිල ගනන්ද තව තවත් ඉහළ නංවමින් ජනතාවට බොරු කරමින් සිහින මාලිගා මවන බවද මන්ත්‍රීවරයා පවසයි.

ජුලි මාසයේ සිට රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩි කරන බව පැවසුවද වර්ථමානයේ පවතින වැටුපවත් ගෙවා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැයාවක් නොමැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

ලක්ෂ 6ක ජනතාවට සමෘද්ධි ලබා දෙන බවට කළ ප්‍රකාශයෙන් හෙළි වන්නේ පසු ගිය සිව්වසර තුල ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 06ක් දරිද්‍රතාවයේ රේඛාවෙන් පහළට වැඩි ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ රජය විසින් සහනාධා ලබා දෙමින් ජනතාව පොෂණය කිරිමේ තත්ත්වයක් උදා වී ඇති බවයි.

Read more

Local News