ජනතාව ප්‍රතික්ෂේප කළොත් පොළොන්නරුව හැර යනවා

Share

පොළොන්නරුවේ ජනතාව ප්‍රතික්ෂේප කළොත් මිසක් තමන් පොළොන්නරුව අත හැර නොයන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.

පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කටුවන්විල ගම්මානයේ ගොවීන් සඳහා ඊයේ (10) උදලු තල ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසිය.

මෙහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,

“මම එන අභියෝගවලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මාව විවිධ අය විවිධ තැන් වලට මාරු කරලා කට කතා වලින්. මම තමුන් නාන්සේලාට පැහැදිලිව කියනවා. මම පොළොන්නරුවෙන් යන්නේ පොළොන්නරුවේ මිනිස්සු මාව ප්‍රතික්ෂේප කළොත් පමණයි. එහෙම නැත්නම් මම කවදාවත් පොළොන්නරුවෙන් යන්නේ නෑ,කියලා මතක් කරනවා.

ජන්දෙ කාලෙට මිනිස්සු ඇවිදින් එක එක කතා කියනවා. තමුන්නාන්සේලා හිතන්න ජන්දෙ නැති කාලෙට කවුද එන්නේ කියලා. අවුරුදු කීපයක් තුළ මට පුළුවන් විදිහට මම මේ දිස්ත්‍රික්කයට මිනිස්සුන්ට වැඩ කළා. සංවර්ධනය කළා.

සමහර දේවල් බලහත්කාරයෙන් කළා. මටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. තමුන් නන්සේලා එක තේරුම් අරගන්න. තමුන්නන්සේලාගේ මන්ත්‍රීවරයෙක් හැටියට මම කවදාවත් කැත වැඩ කරලා නෑ. ව්‍යාපාර ජාවාරම් කරලා නෑ. මේ දිස්ත්‍රික්කයේ වැලි වලින් සල්ලි හොයලා නෑ .මේ දිස්ත්‍රික්කයේ ගල් වලින් සල්ලි හදලා නෑ. මේ දිස්ත්‍රික්කයේ ගස් කපලා නෑ.

තමුන්නන්සේලාගේ ජන්දෙන් මම කැත වැඩ කරලා නෑ. මට හිත රිදුන නිසා දරුණු පියවරක් අරගත්තා . ඒ වගේ දරුණු පියවරක් අර ගන්න මම බය නෑ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මම වැඩේ වැරදි කියලා එලියට බැස්සා . වැඩේ වැරදි නම් කෙලින් කථා කරනවා. මම මේ කාගෙන ඉවසගෙන ඉන්නේ මගේ විමධ්‍යගත වලින් හරි ජන්දෙ දීපු එක මිනිහෙකුට හරි උදවුවක් කරන්න පුළුවන් නිසා” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

Read more

Local News