කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ 2ක් අත්අඩංගුවට

Share

කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල ඇතුළු දේපල කොල්ලකෑම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදිවලින් ගොස් මෙම කොල්ලකෑම් සිදු කරනු ලබයි.

මොවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් වන බවටයි සඳහන් වන්නේ.

ඒ සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඔවුන් අද(12) අලුත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News