ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීමට පියවර

Share

ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉදිරි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද(12) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

ගුරු උපදේශන සේවය අතීතයේ විධිමත්ව ඇති කළ එකක් නොවේ. ඉල්ලීම මත සේවය ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා. වැටුප් ප්‍රශ්නයක් නිසා යම් ප්‍රමාදයක් තිබෙනවා. වැටුපක් තීරණය කිරීමට සාකච්ඡාවක් පවත්වන ලදී. ගුරු උපදෙශක වෘත්තීය සමිතිය වැටුප් සම්බන්ධව කැමැත්ත පළ කරන ලදී. වැටුප් පරිමාණය අදාළ කරගෙන ගුරු උපදේශන සේවය ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර ඇත. අමාත්‍ය මණ්ඩල තීරණ අනුව ඉදිරි පියවර ගනු ලැබන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News