ජලාශවලට මුදා හැරි මත්ස්‍යය පැටවුන්ගේ අස්වැන්න වතු කම්කරුවන්ට

Share

වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමට සහ වතු කම්කරුවන්ට සහනදායි මිලට මිරිදිය මත්ස්‍යයන් ලබාදිමේ අරමුණින් ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ ජලාශවලට මුදා හැරි මත්ස්‍යය පැටවුන්ගේ අස්වැන්න වතු කම්කරුවන්ට ලබාදිම අද(12) සිදු කරනු ලැබුහ.

ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් මිට මාස 8 ප්‍රථම නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ වතු පොකුණු ජලාශයට මුදා හැරි තිලාපි සහ බ්ලු තිලාපි මත්ස්‍යය පැටවුන්ගේ අස්වැන්න අල්ලා වතු කම්කරුවන්ට මිරිදිය මත්ස්‍යය කිලෝවක් රු 300වැනි අඩු මිලකට ලබා දිම ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් අද සිදු කරනු ලැබිය.

මාස 8 වැනි කෙටි කාලයක් තුල ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් ග්‍රෑම් 800 ත් 900 අතර ප්‍රමාණයකින් වර්ධන වි තිබුණි.

වතුකරයේ ජලාශ කිහිපයකට සහ පොකුණු ජලාශ කිහිපයට ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් මත්ස්‍යය පැටවුන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇත.

Read more

Local News