කිතුල් ගසකින් වැටී සිව්දරු පියෙක් ජිවිතක්ෂයට

Share

කිතුල් ගසකින් බිමට ඇඳ වැටී සිව්දරු පියෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් නාවලපිටය නාගොල්ල ආගරඔය පදිංචි ඩබිලිව්. ජයසේන නැමති 55 හැවිරිදි  සිව්දරු පියෙකි.

මරණකරු කිතුල් කර්මාන්තයේ රැකියාවේ නියැලි සිටින අයෙකු බවත්, ඊයේ(11) පස්වරුවේ කිතුල් මල් කැපිමට නිවසින් පිටව ගොස් ඔහු ආපසු නොපැමිණි නිසා මරණකරුගේ ඥාතින් විසින් කළ සොයා බැලීමකදි ඔහු ගසින් බිමට ඇඳ වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බව දැක ඇත.

පසුව ඔහුගේ සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත බාරදි තිබේ.

පශ්චාත් මරණ පරික්ෂනය නාවලපිටිය මුලික රොහලේ සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News