වාර්තා ගත බඩ ඉරිඟු අස්වැන්නක්

Share

සේනා දළඹු හානිය පැවැතියත් මේ වසරේදී වාර්තා ගත බඩ ඉරිඟු අස්වැන්නක් ලැබී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මහවැලි පශු සම්පත් ව්‍යවසාය සමාගම හා සීමාසහිත කුකුළු සංවර්ධන සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නව නිලධාරීන්ට පත්වීම් ප්‍රදානයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

“සේනා දළඹුවාගේ හානිය සිදුවුණත් මෙවර තමයි ලංකා ඉතිහාසයේ වැඩිම බඩඉරිඟු අස්වැන්නක් අපිට ලැබිලා තියෙන්නේ. දළ වශයෙන් මෙ.ටො. ලක්ෂ 3ක් පමණ අපි ගණන් බලපු හැටියට දැනට ලැබිලා තියෙන්නේ. මං හිතන්නේ ඉතාම සාර්ථක අස්වැන්නක් ලැබිලා තිබෙනවා.

සේනා දළඹුවාගේ හානිය ඉතාම අවම මට්ටමක්. දළ වශයෙන් 10% කටත් අඩු හානියක් තමයි අපි හුඟක් තැන්වල දැක්කේ. සමහර තැන්වල පූර්ණ හානි වෙලා තිබුණා. අර්ධ හානි තිබුණා. සමහර තැන්වල බඩඉරිඟු පත්‍රවලට පමණක් හානිවෙලා තිබුණත් කරලට හානියක් නොවුණු අවස්ථා නිසා සාර්ථක අස්වැන්නක් ලැබුණා.”  යැයි ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News