ජීනිවා මහ කොමසාරිස්වරියට පෙත්සමක්

Share

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සමඅනුග්‍රහයෙන් මෙවර  ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළ කරමින් ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය ඊයේ (12) ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට පෙත්සමක් ​බාරදෙනු ලැබුවේය.

එහි නියෝජිතයින් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ මේවන විටත් අදාළ යෝජනාවට සමඅනුග්‍රහකත්වය ලබාදීම සඳහා ජීනිවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා සිය අස්සන යොදා ඇති බව මහකොමසාරිස් කාර්යාලය තමන්ට දැනුම් දුන් බවයි.

එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරෝධය පළකරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින් ඊයේ ජිනීවාහී මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ කාර්යාලයට පෙත්සමක් භාරදෙනු ලැබුවේය.

එහිදී ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින්ට මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් දැනුම් දී තිබුණේ  බ්‍රිතාන්‍ය සමග එක්ව ගෙන ඒමට නියමිත යෝජනාවට ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අශිස් මහතා විසින් මීට සති දෙකකට ඉහතදී අත්සන් තැබූ බවයි.

මේ අතර මේ සම්බන්ධයෙන් විමසීම සඳහා ජගත් දේශප්‍රේමී ලාංකික සංසදයේ නියෝජිතයින් ජිනීවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අශිස් මහතා හමුවීමට සිදුකල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ කාර්යාලය පවසා තිබුණේ  හෙට දිනයන්හීදී ඔහුව හමුවීම සඳහා හැකියාවක් නොමැති බවයි.

මේ අතර උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ඊයේ යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජිනීවා මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

Read more

Local News