තේ වත්තකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

Share

ඉංගිරිය හදපාන්ගොඩ දවටගාහේන තේ වත්තක් තුළ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කාන්තා මළ සිරුරක් සොයා ගෙන ඇති බවට වාර්තා වෙයි.

ඉංගිරිය පොලීසිය විසින් ඊයේ(12) පස්වරුවේ මෙම මළ සිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 55ක් වයසැති හදපාන්ගොඩ රන්දෙණිඋයන ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

ඉංගිරිය පොලීසිය සිද්ධිය පිලිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News