මානව හිමිකම් කවුන්සිලයේ සැසියට සහභාගී වීමට පංච පුද්ගල කමිටුවක්

Share

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට සහභාගී වීම සඳහා 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. එ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන්, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ යන මහත්වරුන් පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා අතර ඊයේ(12) පැවති සාකච්ඡාවකදී මේ පිළිබද තීරණය වී තිබේ.

Read more

Local News