ධීවර වරායන් ආශ්‍රිතව නව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා

Share

ධිවර වරායන් ආශ්‍රිතව ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් කඩිනමින් සැලසීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසිය.

මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සැලසීම පිලිබඳව මැලේසියානු සහ චීන නියෝජිත කණ්ඩායමක් සමඟ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සාකච්ජා කළේය.

ඒ අනුව මෙම මැලේසියානු සහ චීන ආධාර මත කලමැටිය ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් පළමු ශීතාගාර සහ අයිස් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට නියමිතය.

ලංකාවේ පළමු සුහුරු ධිවර වරාය [SMART FISHERY HARBOUR] ලෙස කලමැටිය ධිවර වරාය සියළු පහසුකම් සැලසීමට පියවර ගෙන ඇත. මෙම ශීතාගාර සහ අයිස් නිෂ්පාදන කර්මාන්ත ශාලා පහසුකම් සදහා අවශ්‍ය විදුලි බලය සුර්ය බලයෙන් ලබාගැනීමට සැලසුම් කර ඇත.

මේ පිලිබඳව මැලෙසියානු හා චීන නියෝජිත කණ්ඩායම සමඟ පැවති සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේ අදාළ කටයුතු පිලිබඳව ධිවර වරාය නීතිගත සංස්ථාව සමග අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම මගින් ධිවර ජනතාවට වඩාත් හොද සේවයක් සැලසීමට හැකියාව ලැබෙනු ඇති බවය.

ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවති එම සාකච්ජාවේදී රාජ්‍ය අමාත්‍යතුමා අවධාරණය කළේ සාකච්ජා කරමින් කාලය වැය කිරීම වෙනුවට කඩිනමින් අදාළ පහසුකම් ධිවර ජනතාවට සැලසීම ඉතා වැදගත් බවය.

එබැවින් කඩිනමින් අදාළ සැලසුම් ඉදිරිපත් කර ධිවර ජනතාව දුක් මහන්සියෙන් ජිවිත පරදුවට තබා නෙලාගන්නා අස්වැන්න සුරක්‍ෂිතව ගබඩා කර තැබීමට කුඩා ශීතාගාර පහසුකම් සැලසීම මගින් ඔවුන්ගේ අස්වැන්නට නියම වටිනාකමක් ලබාදීමට හැකියාව ලැබෙන බවත් සඳහන් කළේය.

Read more

Local News