සිර දඬුවම් නියම වී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු සිය දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා අද(13) ඉල්ලා අස් කරගෙන තිබේ.
අභියාචනා ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අභියාචනාධිකරණයට දැනුම්දුන්නේ දඬුවමට එරෙහිව තම සේවාදායකයින් ඉදිරිපත්කල අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බැවින් ඊට අවසර ලබාදෙන ලෙසයි.
ඒ සඳහා අවසර ලබාදුන් අභියාචනාධිකරණය, විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය පනවා ඇති දඬුවම, තීන්දුව ලබාදුන් දින සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කර තිබේ.
කෙසේවෙතත් දඩුවමට එරෙහිව එක් විත්තිකරුවෙකු විසින් ඉදිරිපත් කළ අභියාචනය ඉල්ලා අස් කරගෙන නොමැති අතර එය ජුලි මස 24 වනදා කැදවීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.
2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂෙයික් නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වු තංගල්ල ප්‍රාදේශීය සභා හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් නියම කරනු ලැබුවේය.