ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටේ

Share

ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ලොව පුරා බිඳවැටිමකට ලක් වී ඇති බව වාර්තා වෙයි

මෙම ෆේස්බුක් හා ෆේස්බුක් බිදවැටීම පිළිබඳ ලොව පුරා එම ගිණුම් හිමියන් රැසක් මේ පිළබඳ චෝදනා කරයි.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

වෙබ් අඩවි වලට අමතරව පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථන ඇප් (App) හරහාද මෙම සේවාවන් භාවිත කිරීමට නොහැකිව ඇති බවයි වාර්තා වෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළද මෙම සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි භාවිත කිරීමට යම් බාධා මතුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සමාජ වෙබ් අඩවී ජාලාවන් හදිසි අක්‍රිය වීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ෆේස්බුක් සමාගම විසින් නිළ  දැනුම් දීමක් සිදුකර නොමැත.

Read more

Local News