අයගම වෙළඳසැලක ගින්නක්

Share

අයගම පොලිස් වසමේ ගමික්කන්ද ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද(14) අළුයම 1.25ට පමණ හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අයගම පොලීසියට ලද හදිසි තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී ඇති පොලීසිය, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඩ පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් වෙළඳසැල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු අයගම පොලීසිය සිදුකරනු ලබයි.

Read more

Local News