මත්පැන් බෝතල් 500ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මොරටුව පොලිස් වසමේ ලුනාව ප්‍රදේශයේදී අද(14) උදෑසන නීති විරෝධී මත්පැන් මිලිලීටර් 375000ක් (බෝතල් 500) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබීය දි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු ලෙන්වියාවත්ත, රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වු අයෙකි.

සැකකරු අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොරටුව පොලීසිය විසින් සිද්ධිය පිළබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Read more

Local News