2018 වසරේදී ලංකාවේ අලුතින් පිළිකා රෝගීන් 28000ක්

Share

2018 වසරේදී ශ්‍රී ලංකාවේ අලුතින් පිළිකා රෝගීන් 28000ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට  පත්ව ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

2018 වසරේදී ලොව පුරා අලුතින් හඳුනාගෙන ඇති පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 18.1ක් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

එසේම ඉදිරි වසර 20 තුළදි වාර්ෂිකව හඳුනාගන්නා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 29.5 දක්වා ඉහළ යන බවට ගණන් බලා තිබෙන බවත් ඔවුහු පවසයි.

Read more

Local News