වෑන් රථයක් සොරකම් කළ 3ක් අත්අඩංගුවට

Share

නවගමුව පොලිස් වසමේ රණාල ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ලකා පලා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෑන් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් වෑන් රථය කොල්ලකා වෑන් රථයේ හිමිකරුගේ අත් පා බැඳ වෑන් රථයේ රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28, 30, 31 හා 38 යන වසස්වල පසුවන ඇඹිලිපිටිය, මීගොඩ, රනාල, නාරන්වල හා කතරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි සඳහන් වන්නේ.

සැකකරුවන් අද(15) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය සිදුකරනු ලබයි.

Read more

Local News