නිධන් ගන්න ගිය 4කට වැඩ වරදී

Share

හිනිදුම පොලිස් වසමේ මල්ගල්ල, තලංගල ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ සවස 6.35ට පමණ හිනිදුම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 14, 21, 25 සහ 75 යන වයස්වල පසුවන්නන් බව අතර ඔවුන් තංගල්ල, මීගොඩ, කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

සැකකරුවන් අද(15) දින උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන හිනිදුම පොලීසිය විසින් කටයුතු සිදුකරනු ලබයි.

Read more

Local News