පස් ප්‍රවාහනය කළ ටිපර් රථයක් STF අත්අඩංගුවට

Share

පස් ප්‍රවහනය කළ ටිපර් රථයක් තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කුඩාගම සිට හැටන් නගරය දක්වා පස් ප්‍රවහනය කරන අතරතුර ඊයේ(14) පස්වරුවේ ටිපර් රථය සහ එහි රියදුරාව සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා හැටන් පොලිසිය වෙත සැකකරු සහ ටිපර් රථය භාර දි ඇත.

පස් ප්‍රවහනය කිරිමට සැකකරු සන්තකයේ පතල් සහ භු විද්‍යා කාර්යයංශයෙන් නිකුත් කළ බලපත්‍රයක් තිබි ඇතත්, බලපත්‍රයේ අනුමත පස් ප්‍රමාණයට වඩා ටිපර් රථයේ පස් ප්‍රවහනය කල නිසා සැකකරු සහ ටිපර් රථය අත්අඩංගුවට ගත් බවයි වැටලිම සිදු කළ තලවකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කියා සිටියේ.

Read more

Local News