මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමකින් 9ක් මරුට

Share

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් උදෑසන යාඥා කටයුතු සඳහා රැඳී සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් නගරයේ අල් නූර් මුස්ලිම් දේවස්ථානය අසළ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් බංග්ලාදේශ කණ්ඩායමේ කිසිවෙකුටවත් හානියක් සිදුනොවුනද ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වෙයි.

මේ අතර එම නගරයේම තවත් මුස්ලිම් දේවස්ථානයක වෙඩි තැබීමක් සිදුව ඇත. ඒ අනුව සිදුවීම් දෙකෙන්ම 9 දෙනෙකු පමණ මියගොස් ඇත.

ප්‍රදේශයේ සියලුම පාසල් සහ රෝහලද වසා දමා ඇති බව ද වාර්තා වෙයි.

අදාළ අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද අදාළ දේවස්ථානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔවුන්ට මෙම වෙඩි තැබීමෙන් හානියක් සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News