අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි

Share

අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි. මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන්නේ අධ්‍යාපනයට අවශ්‍ය ඉඩකඩ පුළුල් කිරීමයි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා අද(15)පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිනි.

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැදගත් වෙනවා. දේශපාලඥයෙක් හොයාගෙන රැකියා ගන්න එන එක ලැජ්ජා වෙන්න ඔන කරුණක්. ගුණවත් අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. අධ්‍යාපනයෙන් ඉහළ ආදායමක් ලබාගැනීමට අවස්ථාවක් තිබිය යුතුයි.

අවස්ථා පුළුල් කළ යුතුයි නැති බැරි අය ඇති හැකි අය වෙන්න. පොත් පත් දුන්නා. නිල ඇදුම් දුන්නා. රක්ෂණයක් ලබා දුන්නා. ස්මාර්ට් පන්තිකාමර ඇතිකරගන්න යෝජනාවක් තිබෙනවා. අධ්‍යාපනය ගුණාත්මකභාවයට හැරවිය යුතුයි. ඒ සඳහා තාක්ෂණය අත්‍යාවශ්‍යයි. මේ අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අවස්ථාවන් පුළුල් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා යැයි පැවසීය.

Read more

Local News