ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ සන්ධානගත වුවද ඉදිරි මැතිවරණයකදී එය එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නොවන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසා සිටියි.
මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ අසුන් ගෙන ඇති අතර තවත් පිරිසක් ඉදිරියේදී අසුන් ගන්නා බවත් ඒ මහතා සඳහන් කර සිටියි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වෙන් වු කොටස් 2 නැවත එක් වූවායැයි කියා එය තම පක්ෂයට අභියෝගයක් නොවන බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි.
ඊයේ (14) පස්වරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.