අනතුරකින් පදික කාන්තාවක් මරුට

Share

අතුරුගිරිය පොලිස් වසමේ කඩුවෙල මාළඹේ මාර්ගයේ අතුරු මාර්ගයකදී සිදු වූ අනතුරකින් පදික කාන්තාවක් මියගොස් ඇති බවට වාර්තා වෙයි.

ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් මාර්ගය අසළ නවතා එහි රියදුරු රථයෙන් බැස සිටියදී ලොරි රථය පිටුපසට ධාවනය වී ඇති අතර එය මාර්ගයේ ගමන් ගත් පදික කාන්තාවකගේ ගැටී ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇත.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65ක් වූ කාන්තාවකි.

අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණ කටයුතු අතුරුගිරිය පොලීසිය සිදු කරනු ලබයි.

Read more

Local News