ආනයනික කිරිපිටි මිල ඉහළට

Share

ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දී තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වාත් ඉහළ යනු ඇත.

ආනයනික් කිරිපිටි මිල ඉහළ දැමිමට අවසර ලබා නොදීම හේතුවෙන් පසුගිය දින කිහිය තුළ වෙළද පොලේ කිරිපිටි හිඟයක් ද ඇති වුණු අතර මේ හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර ලබාදීම සහ කිරිපිටි මිල ඉහළ නැංවිමට අදාළ නව මිල සුත්‍රයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

Read more

Local News