කොස්වත්ත පොලිස් වසමේ, හාල්දඬුවන ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්දඬුවන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින 34 හැවිරිදි අයෙකු බවටයි වාර්තා වන්නේ.
සැකකරු හෙරෝයින් මත්කුඩු තොගය යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීට පෙර හෙරෝයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂත බන්ධනාගාර ගතව සිටි ඇති අයෙකු බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් හෙරෝයින් මත් කුඩු සහ සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොස්වත්ත පොලීසියට බාරදීමට හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.