ශ්‍රි පාද වන්දනාවේ පැමිණි යුධ හමුදාවේ විශ්‍රාමික සෙබළෙක් ජිවිතක්ෂයට

Share

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මහනුවර දවුලුගල හම්බැක්ක ප්‍රදේශයේ පදිංචි ඩි.එම්.මුතුබණ්ඩා නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.

ජිවිතක්ෂයට පත් යුධ හමුදා සෙබළා ඔහුගේ පවුලේ සමාජිකයන් සමඟ ඊයේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කරන අතරතුර ඉදිකටු පහන ප්‍රදේශයේදි අද(16) අලුයම 1 ට පමණ හදිසියේ රොගාතුර වි ඇති අතර පසුව රෝගාතුර වු සෙබළාව පවුලේ සමාජිකයන් සහ ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් එක්ව නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නල්ලතන්නිය පොලිසිය පැවසුවේ.

මියගිය යුධ හමුදා සෙබළාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සඳහා මස්කෙලිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News