ත්‍රිපිටකය වන්දනා සතියට වතුකරය සුදානම් වෙයි – ඡායාරූප

Share

ත්‍රිපිටක වන්දනා සතියට සමගාමිව වතුකරය ප්‍රධාන නගර පුරා ආගමික වැඩසටහන් දියත් කිරිමට හැටන් පොලිසිය කටයුතු කරමින් සිටියි.

අද(16) සිට සතියක් පුරා ත්‍රිපිටක වන්දනා සතිය ක්‍රියාත්මක වන අතර, එම වැඩසටහනට සමගාමිව හැටන් පොලිසියේ නිලධාරින් නගරය පුරා බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරිමට කටයුතු කරන ආකාරයක් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් වුණි.

හැටන් නගරයේ සියළුම වෙලඳසැල් වල බෞද්ධ කොඩි ඔසවා තිබෙන ආකාරයක්ද දක්නට ලැබුණි.

ථෙරවාදි ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙත කරන ලද යෝජනාවක් අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ මස 23 දින ශ්‍රි දළදා මාලිගාවේදි ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරිමට නියමිතය.

Read more

Local News