අද සහ හෙට ගිගුරුම් සහිත වැසි

Share

අද සහ හෙට (මාර්තු මස 17 සහ 18) දිනයන්හිදී විශේෂයෙන් බස්නාහිර, සබරගමුව,  වයඹ, මධ්‍යම,ඌව සහ  දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළම ට්ටමක පවතී.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලත් ඌව පළාතේත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වියහැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News