ත්‍රිපිටකාභිවන්දනා සතියේ දෙවන දිනය අදයි

Share

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කිරීම නිමිත්තෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රිපිටකාභිවන්දනා සතියේ දෙවන දිනය අද (17)යි.

දහම් පාසල් 226ක් සඳහා ගොඩනැගිලි ඉදිකිරීම අද ආරම්භ කෙරෙයි.

මාස තුනක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත එම එක් ගොඩනැගිල්ලක් සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 33ක් වෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි.

Read more

Local News