පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ 5ක් අත්අඩංගුවට

Share

යාපනය අරියාලේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් නීති විරෝධී වැලි කැණීම් සිදුකරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඊට බාධා කරමින් ඔවුන් මුදාගැනීමට අදාළ පිරිස කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමක් ද සිදුකර ඇත.

පසුව එම නිලධාරින් විසින් කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේය.

එහිදි වැලි පැටවීමට යොදාගත් ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News