අදත් පළාත් කිහිපයකට තදවැසි

Share

අද(18)දිනයේ,විශේෂයෙන් බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර පළාතේ උදෑසන කාලයේදී ද සිහින් වැසි වාර කිහිපයක් ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තදවැසි ඇතිවිය හැකි අතර ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News