රත්තරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Share

සිය මන්ත්‍රී ධුරයෙන් හා සියලුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් තමා ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් පවසයි.

පසුගිය දිනවල තමා කෙරෙහි එල්ල වු අභූත චෝදනා සම්බන්ධයෙන් කල්පනා කරමින්, මෙම තීරණය ගනු ලැබූ බව ද ඒ මහතා පැවසීය.

දේශපාලනඥයෙකුට ජනතාව ඡන්දය ලබා දෙන්නේ ඔහුට තිබෙන ගරුත්වයට හා ප්‍රතිරූපයට වන බවත්, තමාට එවැනි හැඟීමකින් ගාල්ල දිස්ත්‍රික් ජනතාව ඡන්දය ලබා දුන්න ද අද දවසේ එල්ල වී ඇති චෝදනා දිහා බලන විට එය ජනතාවට කරන අගෞරවයක් බව ද පුෂ්පකුමාර මහතා මෙහිදී පැවසීය.

ළමා අපයෝජන චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පසුගිය පෙබරවාරී මස 28 වන දින ඇප මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

පසුගිය 23 වැනිදා බටදූව ප්‍රදේශයේ දේවාලයක දී 16 හැවිරිදි ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට සන්ධාන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් යන අයට එරෙහිව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

Read more

Local News