ජනපතිවරණයේදි ජවිපෙ කරන දෙයක් ගැන විජිත කියයි

Share

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට 50 % වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට ඉඩ ලබානොදන බව ජනතා විමුක්ති පෙරමුණෙ ගම්පහ දිස්ත්‍රික් පා.ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසිය.

ඔහු මේ බව පැවසුයේ රට දිනවන අභියෝගයට අපි සුදානම් යන මැයෙන් ඊයේ (17) දින පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය සහ මස්කෙළිය ආසන බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපාකාර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රැස්විම අමතමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,

ජනාධිපතිවරණයේදි ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවශ්‍ය ඡන්දය ප්‍රතිශතය ලබා නොදිමේ තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරිමට තම පක්ෂය කටයුතු කළා සේම මෙවර ජනාධිපතිරණයේදිත් ඉදිරිපත්වන අපේක්ෂකයන් පරාජය කිරිමට තම පක්ෂය දැඩිව කටයුතු කරන බව විජිත හේරත් මන්ත්‍රිවරයා මෙහිදි පැවසිය.

මෙරට තුළ ආනයනික කිරිපිටි බහුජාතික සමාගම්වලට  වත්මන් රජය බිය වි ඇති බවත්, මෙරට තුළ දේශීය කිරි කර්මාන්තය නංවාලිමට පැවති කිසිදු රජයකට නිසි වැඩපිළිවෙලක් නොතිබුණු බවත්  පැවසිය.

වසර 71 තුළ නිල් පාට සහ කොළපාට පාලකයින් මේ රටේ ආර්ථිකය නංවාලිමට කිසිදු වැඩ පිළිවෙලක් සිදු නොකල බවත්, වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයින් සිදු නොකල ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවිමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා දෙන්නේ නම් එය සිදු කරන බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

Read more

Local News