නැගෙනහිර ප්‍රථම සුර්යකෝෂ වාරිමාර්ග ව්‍යාපෘතිය අරඹයි

Share

නැගෙනහිර  පළාතේ ප්‍රථම වතාවට  සුර්ය කෝෂ මගින් වාරිමාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මඩකලපුව කලුතාව්ලාහි  මෙම නව ක්‍රමයට සුර්ය කෝෂ බලය භාවිතා කර වාරිමාර්ග ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

එක් කෝටියක් වියදමින් ඉදිකරන ලද මෙය වාරිමාර්ග ගොවීන්ට, වගාකරුවන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.

නියඟ කාලයට මඩකලපුව වැවෙන්  ජල සැපයිම් ගෙන  වාරිමාර්ග ව්‍යාපෘතිය මගින් ජලය ලබාගෙන කලුතාවලයි සුයම්පුලිග පිල්ලයාර් කොවිලේ යාබඳ ඇති පොකුණේ ජලය රැස්කර එමගින් ගොවිතැන්වලට ජලය ලබාදිමට මෙම ක්‍රමය ආරම්භ කර ඇත.

මෙම  විවෘත කිරිම්  උත්සවය ඊයේ  (17) උදේ  නැගෙනහිර  පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු සේ.තිලකරාජා මහතාගේ මුලිකත්වයෙන් පැවැත්වුණි.

නියඟ කාලයේදි  මෙම ප්‍රදේශයේ  ජලය  ලබාගැනිමට ගොවින් අපහසුතාවයට පත්වන අතර ගොවිතැන් යම් කාලයක පමණක් කිරිමේ තත්වයක් උදාවි තිබුණි.

වර්තමානයේ  ඉදිකර ඇති ජල සැපයීම  වාරිමාර්ග  ක්‍රමය අනුව  මේ ප්‍රදේශයේ අක්කර 400කට වැඩි ඉඩම් වල වී වගා කිරිමට හැකිවන අතර වී වගා කිරිමේ කාලය හැර අතුරු භෝග වගා කිරිමේ අවස්ථාවක්ද උදා වි ඇත.

මෙම ක්‍රමය  නැගෙනහිර පළාතේ මුල් වතාවට හදුන්වාදී ඇති අතර මෙයින් ගොවීන්ට දිර්ඝව ප්‍රතිලාභ ලැබෙනු ඇත.

Read more

Local News